2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා

ඉක්වදෝරයේ දරුණුතම බන්ධනාගාර ගැටුමක්!

 2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 63

ඉක්වදෝර ඉතිහාසයේ දරුණුතම බන්ධනාගාර ගැටුම පසුගියදා හටගත්තේය. ප්‍රතිවිරුද්ධ මත්ද්‍රව්‍ය අපරාධ කල්ලි 02 ක සාමාජිකයන් අතර මෙම ගැටුම හටගෙන ඇත. ගැටුමෙන්  අවම වශයෙන් 116 දෙනකු මියගොස් ඇත. තවත් පුද්ගලයන් සියයකට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත.

මෙම ගැටුම පාලනයට පොලිස් නිලධාරීන් 400 කට වැඩි පිරිසක් යොදවා ඇති අතර දැනට ඉක්වදෝරය තුළ ක්‍රියාත්මක මෙක්සිකානු මත්ද්‍රව්‍ය කල්ලි මෙය පිටුපස සිටින බවටයි සැක කෙරෙන්නේ.

ගුවායාකිල් නගරයේ ඇති වූ එරට ඉතිහාසයේ මෙතෙක් ඇති වූ දරුණුතම ප්‍රචණ්ඩ ක්‍රියාව ලෙස සැලකෙන මේ සිද්ධියෙදි  සිරකරුවන් පස්දෙනකුගේ පමණ හිස ගසා දමා ඇති අතර, සෙසු අය වෙඩි වැදීමෙන් ඝාතනය වී ඇත. සිරකරුවන් අත්බෝම්බ ප්‍රහාරද එල්ල කර ඇති බව පොලිස් අණදෙන නිලධාරී ෆවුස්ටෝ බුවනානෝ ප්‍රකාශ කර තිබේ. අන්තර්ජාතික මත්ද්‍රව්‍ය කල්ලිවලට සම්බන්ධතා ඇති මේ සිරකරැවන් අතර ඇති වූ ප්‍රචණ්ඩ ගැටුම් පාලනය කිරීමට 400කට අධික පොලිස් භටයින් පිරිසක් යෙදවීමට සිදු වී ඇත.

ඉක්වදෝරයේ බන්ධනාගාර පද්ධතිය තුළ හදිසි තත්ත්වයක් පැනවීමට ජනාධිපති ගිලර්මෝ ලාසෝ නියෝග කළ අතර, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධකම් ඇති කල්ලි හේතුවෙන් මෙය හටගෙන ඇති බව බලධාරීන් පවසති.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00