2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා

ලෝක ඩ්‍රෝන මධ්‍යස්ථානය ඉන්දියාවේ

 2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 71

ඉන්දියාව ගෝලීය ඩ්‍රෝන කේන්ද්‍රස්ථානය බවට පත්කිරීම ඉන්දීය රජයේ අරමුණ බව එරට සිවිල් ගුවන්සේවා අමාත්‍ය ජොයොටිරාඩිට්යා සින්දියා ප්‍රකාශ කර ඇත.

ඉන්දියාව 2030දී ලොව ඩ්‍රෝන කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම තවදුරටත් ලොව සෙසු රටවල් අනුගමනය කිරීම හෝ ඔවුන්ගේ ක්‍රියාකාරකම්වලට අනුගත වීම හෝ වෙනුවට ඉන්දියාව ලොව පෙරමුණ ගත යුතු බවට වූ  එරට අගමැති නරේන්ද්‍ර මෝඩිගේ විශ්වාසය තහවුරු කිරීමට පිටුවහලක් වනු ඇතැයි ඉන්දීය සිවිල් ගුවන්සේවා ඇමැතිවරයා වැඩිදුරටත් කියා තිබේ. වසර 2030 වනවිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන මේ යටතේ ප්‍රවාහන, ප්‍රවර්ධන, ආරක්ෂක, පතල් කැණීම් වැනි යටිතල පහසුකම් සංවර්ධනය වන බවත්, රුකියා අවස්ථා අතිවිශාල ප්‍රමාණයක් උත්පාදනය වන බවද ඔහු පෙන්වා දී  තිබේ.

21 වැනි සියවසට ඔබින ආකාරයට නව ඩ්‍රෝන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම ඓතිහාසික සිදුවීමක් බවත්, නව ඩ්‍රෝන නීතිරීතිවලට අනුව ඩ්‍රෝන පාලනය කිරීම සහ නිෂ්පාදනය කිරීම තුළින් 2030 වසරේ ලොව ජයගැනීමේ අරමුණ කරා යා හැකි බවත් විශ්වාසය වී තිබේ.

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00