ජනාධිපති මාඕ චින්තනය රටතුළ ප්‍රචලිත කළ ආකාරයට වත්මන් චීන ජනපතිගේ දේශපාලන චින්තනය එරට පාසල් විෂය මාලාව අතරට එක්කර ප්‍රචලිත කිරීමට පියවර ගෙන ඇත.
මේ අන්දමට චීන ජනාධිපති ෂී ජින්පින් ගේ දේශපාලන චින්තනය එරට පාසල් විෂය මාලාවට එක් කිරීමට චීන අධ්‍යාපන බලධාරීන් තීරණය කර ඇත්තේ තරුණ තරුණියන් අතර මාක්ස්වාදී සිතුවිලි ඇතිකිරීමට එය හේතුවිය හැකි නිසා බව කියයි.
මේ අනුව අධ්‍යාපන අමාත්‍යංශය හඳුන්වා දී ඇති නව මාර්ගෝපදේශ අනුව “ෂී ජින්පින්ගේ චින්තනය” නැමැති ඔහුගේ දේශපාලන දර්ශනය ප්‍රාථමික අධ්‍යාපන විෂය මාලාවේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා ඉගැනීමට සිසු සිසුවියන්ට සිදුවේ. සමාජයේ විවිධ තරාතිරම් අතර චීන කොමියුනිස්ට් පක්ෂයේ චින්තනය ස්ථාපනය කිරීමේ එක් පියවරක් ලෙසද මෙය හඳුන්වා දී තිබේ.