2021 අගෝස්තු 21 වන සෙනසුරාදා

බීජිං සිට ෂැංහයි වෙත පැය දෙකහමාරෙන්!

 2021 අගෝස්තු 21 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 36

චුම්භක බලයෙන් රේල් පීලි මත මඳ වශයෙන් පාවෙන (magnetic levitation) තාක්ෂණය යොදාගෙන පැයට කිලෝමීටර් 600ක වේගයෙන් ධාවනය කරන ලොව වේගවත්ම දුම්රිය නිපදවීමට චීනය සමත්ව ඇත.  

වානේ ඊ හිසක් මෙන් ඈතට දිස්වන මෙම අධිවේගී  බුලට් දුම්රියෙන් ඉදිරියේදී චීනයේ බීජිං සිට ෂැංහයි දක්වා කිලෝමීටර් 1200කට වැඩි දුරක් මෙම යාමට ගත වන්නේ පැය 2.5ක් පමණක් යැයි ගණන් බලා ඇත.

මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ඉංජිනේරු ඩිං සන්සන් පවසන පරිදි මැදිරි දෙකේ සිට 10 දක්වා එක් අධිවේගී දුම්රියකට මැදිරි සම්බන්ධ කර ධාවනය කළ හැකි බවත් එක් මැදිරියක මගීන් 100කට වැඩි ප්‍රමාණයකට ආසන පහසුකම් පවතින බවත් පවසයි. මෙම අධිවේගී දුම්රිය කිලෝමීටර් 1500ක පරාසයක් තුළ ගමන් කිරීම සඳහා හොඳම විසඳුම සපයන බව ඔවුහු පවසති. සුපිරි වේගයට අමතරව, එහි ශබ්ද දූෂණය අවම බවත්, පාරිසරික හානි සහිත විෂ දුම් විමෝචනය අවම බවත්, වෙනත් අධිවේගී දුම්රියවලට වඩා නඩත්තු වියදම ඉතා අඩු බවත් චීනය පවසයි. චීනය දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ මෙම තාක්‍ෂණය භාවිත කරමින් අධිවේගී දුම්රිය නිෂ්පාදනය සිදු කරමින් සිටින අතර චීනයේ වෙරළබඩ නගරයක් වන ක්වින්දාඕ පැවැති එහි වේගවත්ම ධාවන පරීක්ෂණ චාරිකාව සාර්ථක වූ බව චීන රාජ්‍ය මාධ්‍ය අනාවරණය කළේය.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00