2021 අගෝස්තු 14 වන සෙනසුරාදා

21 වැනි සියවස පුරා ගංවතුර සහ මුහුදු ඛාදන

 2021 අගෝස්තු 14 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 53

දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය පැනලය සිය නවතම වාර්තාවක් මඟින් ඉන්දියාව ඇතුළු තවත් රටවල් කිහිපයකට අනතුරු අඟවා ඇත. එම වාර්තාව පෙන්වා දී ඇත්තේ 21 වැනි සියවස පුරා මුහුදු ජල මට්ටම අඛණ්ඩව ඉහළ යාම හේතුවෙන් වෙරළාසන්න ගංවතුර සහ මුහුදු ඛාදනයන් නිරන්තරයෙන් වාර්තා විය හැකි බවයි.

ඉන්දියාවේ මුම්බායි, චෙන්නායි ඇතුළු තවත් නගර කිහිපයක් ඉදිරියේදී ජලයෙන් යටවිය හැකි බවට එම  දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය පැනලයේ  වාර්තාව අනතුරු අඟවා තිබේ.

චෙන්නායි, කෝචි, කොල්කටා, මුම්බායි, සූරත් සහ විශාඛාපට්නම් යන වරායන් දිනෙන් දින අවදානමකට ලක්වෙමින් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ඉන්දියාව දැන් සිට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවයි එම ආයතනය පෙන්වා දී ඇත්තේ.

මීට පෙර වසර 100 කට වරක් සිදුවූ පාරිසරික වෙනස්කම් මෙම සියවස අවසානයේ සිට සෑම වසරකම පාහේ සිදුවිය හැකි බවටද එම වාර්තාව මඟින් පෙන්වා දී තිබේ. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ගෝලීය උණුසුම ඉහළ යාම මීට ප්‍රධානතම හේතුව බවයි පැවසෙන්නේ.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00