2021 අගෝස්තු 14 වන සෙනසුරාදා

යුරෝපය ගිනිගනියි!

 2021 අගෝස්තු 14 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 65

මේ දිනවල යුරෝපය ගිනිගනිමින් පවති. මේවනවිට දේශගුණික විපර්යාස හා උෂ්ණත්වය ඉහළ යාම යුරෝපය ප්‍රමුඛව ලොව කලාපීය රටවල් රැසක් මුහුණපාන බරපතල අර්බුදයක්ව තිබේ. මේ වනවිට එහි දැඩි ප්‍රතිවිපාක විඳිමින් සිටින්නේ ග්‍රීසියයි.

ග්‍රීසියේ හටගත් ලැව්ගිනි මෙතක් පාලනයකින් තොරව ව්‍යාප්ත වෙමින් පවතියි. විදෙස් රටවල සහය ලැබී තිබුණත් එම ලැව්ගිනි පාලනයට ග්‍රීසිය මෙතෙක් සමත් වී නැත. ග්‍රීසිය පුරා පැතිරෙන ලැව් ගිනි හේතුවෙන් පුද්ගලයින් 1,000කට අධික පිරිසකට උන්හිටි තැන් අහිමී වී ඇත. ඇතැන්ස් නගරයට ඊසාන දෙසින් පිහිටි ඊවියා දූපත සතියක පමණ සිට අධික දුමාරයකින් වැසී පවතී. රටපුරා පැතිර යන ලැව්ගිනි පාලනය කිරීමට නොහැකි වීම පිළිබඳව ග්‍රීසියේ අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන් සමාවද අයැද ඇත.

මේ වනවිට යුරෝපයෙන් මෙතෙක් වාර්තා වූ වැඩිම උෂ්ණත්වයේ වාර්තාවද ඉතාලියේ සිසිලි දූපතෙන් අළුත් වී ඇත. ඉකුත්දා සිසිලි දූපතෙන් වාර්තා වූ උෂ්ණත්වය සටහන් වී ඇත්තේ සෙල්සියස් අංශක 48.8 ක් ලෙසටය.

මීට පෙර යුරෝපයෙන් වාර්තා වූ වැඩිම උෂ්ණත්වය වාර්තා වී තිබුණේ ග්‍රීසියේ ඇතැන්ස් නුවරින්ය. ඒ 1977 වසරේදීය. එම උෂ්ණත්වය සෙල්සියස් අංශක 48 කි. ඒ අනුව සිසිලි දූපතෙන් වාර්තා වූ අගය ලෝක කාලගුණ විද්‍යා සංවිධානයෙන් සමාලෝචනය කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ ප්‍රකාශයක් නිකුත් වනු ඇත.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00