මැද පෙරදිග රාජ්‍යයන් අතරින් ඉතා දරුණු ලෙස කොවිඩ් 19 වෛරසය පැතිර යන ඉරානයේ නව ජනාධිපති ලෙස පත්වූ එරට හිටපු අගවිනිසුරුවරයෙකු වන ඊබ්‍රාහිම් රයිසි ඉරානය තුළ කොවිඩ් වෛරසය සඳහා දේශීයව නිෂ්පාදනය කරන ලද එන්නත් දෙක අතරින් කොවිරාන් බැරකට් නමැති එන්නත ලබාගත් බව වාර්තා වේ.
අමෙරිකාව ඉරානයට එරෙහිව දැඩි සම්බාධක පනවා ඇති පසුබිමක සහ එරට න්‍යෂ්ටික සාකච්ඡා බිඳ වැටී ඇති පසුබිමක 61 වැනි වියේ පසුවන ඊබ්‍රාහිම් රයිසි ඉරානයේ පාර්ලිමේන්තුව ඉදිරියේ දිවුරුම් දීමෙන් පසුව කතානායක මොහොමඩ් බාගර් ගලිබාෆ් සමග මෙම දේශීයව නිෂ්පාදනය කරන ලද එන්නත ලබාගත් බව වාර්තා වේ.
ඉරානය මේ වනවිට කොවිඩ් දෙවැනි රුල්ලෙන් දැඩි ලෙස පීඩා විඳිමින් සිටින අතර එරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මිලියන හතරක් ඉක්මවා ඇත. ඉරානය තුළ දෛනික මරණ 500 ඉක්මවා වාර්තා වේ. සමස්ත මරණ ගණන 90,000 ඉක්මවා ඇත.