2021 අගෝස්තු 07 වන සෙනසුරාදා

මියන්මාරයේ හමුදා අගමැති

 2021 අගෝස්තු 07 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 57

තමා මින් ඉදිරියට මියන්මාරයේ භාරකාර රජයේ අගමැතිවරයා ලෙස කටයුතු කරන බව එරට හමුදා පාලකයා වන මින් අවුන් හ්ලායින්ග් පවසයි. එරට නායිකාව ලෙස කටයුතු කළ අවුන් සාන් සු කී හමුදා භාරයට ගෙන රජයේ පාලනය සියතට ගැනීමෙන් මාස 6කට පසු ඔහු මේ පියවර ගෙන ඇත.

එවකට පැවති රජය වංචාසහගත ලෙස මැතිවරණය ජයගත් බවට චෝදනා කරමින් 2021 පෙබරවාරි 01 වැනිදා මියන්මාරයේ බලය අල්ලා ගැනීමට එරට හමුදාව කටයුතු කළේය. මියන්මාරයේ නැවත ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන බවට ප්‍රතිඥා දෙමින් මින් අවුන් ලෙයිං කියා සිටියේ වසර 2023 අගෝස්තුව වන විට එරට මැතිවරණයක් පවත්වන බවය. එතෙක් මියන්මාරයේ හදිසි තත්ත්වයක් ක්‍රියාත්මක වනු ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

සාමකාමී වාතාවරණයක් රට තුළ නිර්මාණය කරමින් කලාපීය වශයෙන් අසල්වාසී රටවල් සමඟ නැවත යහපත් සම්බන්ධතාවක් ගොඩ නඟා ගැනීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

මේ වනවිටද හමුදා පාලකයින්ට විරෝධය දක්වමින් මියන්මාරය පුරා උද්ඝෝෂණ පැවැත්වේ. උද්ඝෝෂකයින් ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගැසීමට හමුදා පාලකයෝ කටයුතු කර තිබේ.