2021 අගෝස්තු 07 වන සෙනසුරාදා

හිටි අඩියේම කල්ගිය අභ්‍යවකාශ ටැක්සි ගමන

 2021 අගෝස්තු 07 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 54

අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා මගීන් ගෙන යන අභ්‍යවකාශ ටැක්සි සේවාවක් ඇරඹීම සඳහා ලෝක ප්‍රසිද්ධ බෝයිං සමාගමත්  ඉදිරිපත්ව සිටියේය. ඔවුන් තමන්ගේ අභ්‍යවකාශ ටැක්සිය හඳුන්වා දී ඇත්තේ “ස්ටාර්ලයිනර්” Starliner, හැටියටය. 

2019 වසරේ දෙසැම්බරයේ අග මගීන් රහිතව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා යන්නට හැදූ මුල්ම Starliner, ටැක්සියේ ට්‍රයල් ගමන වැරදී ගියේ එහි මෘදුකාංග පද්ධතියේ අවුලක් හේතුවෙනි. පසුගිය සතියේ  සිය දෙවැනි  පරීක්ෂණ චාරිකාව සඳහා බෝයිං සමාගම සැරසී සිටියේය. ඒ සතියේද දෙවතාවක්ම කළ උත්සාහය පසුව දින නියමයක් නැතිව කල් දමන්නට බෝයිං ඉංජිනේරුවෝ තීන්දු කළහ. බෝයිං සමාගමත්  අනාගතයේදී වැඩිම ආර්ථික වාසියක් ලබාදෙන ව්‍යාපාරය හැටියට හඳුනාගන ඇති අභ්‍යවකාශ සංචරණ සහ ප්‍රවාහන ලෝක ව්‍යාපෘතියේ  සාමාජිකයෙක් බවට පත්වීමට මේ උත්සාහය දරයි. ඉතා නුදුරු දිනකම සිය අඩුපාඩු සකසා ගෙන දෙවෙනි ගමන යන්නට බෝයිං ඉංජිනේරැවෝ මේ වනවිට සැලසුම් කරති.

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:05