2021 අගෝස්තු 07 වන සෙනසුරාදා

ඕමාන් බොක්කේ නෞකා දඩයම!

 2021 අගෝස්තු 07 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 74
පැනමා ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ තවත් නෞකාවක් ඕමාන් බොක්ක කලාපයේදී සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැරගෙන තිබේ. MV Asphalt Princess නමැති එම නෞකාව ඕමාන් බොක්ක ආශ්‍රිත මුහුදු කලාපයේදී එලෙස සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැරගනු ලබද්දී එහි තාර ප්‍රවාහනය කරමින් තිබී ඇත. ඉරාන හමුදා විසින් මෙම පැහැර ගැනීම සිදු කරන්නට ඇති බවටද දැන් විවිධ පාර්ශ්ව චෝදනා එල්ල කරති.
 
ඕමාන බොක්කේදී එම්වී මර්සර් නමැති තෙල් නැවකට ප්‍රහාරයක් එල්ල වී සතියකටත් අඩු කාලයක් තුළ මෙම සිදුවීම වාර්තාවීම විශේෂත්වයකි. ඊශ්‍රායල සමාගමට අයත් එම තෙල් නෞකාවට ඕමාන මුහුදු සීමාවේදී එල්ල වූ ප්‍රහාරය පසුපස ද ඉරානය සිටින බවට අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය චෝදනා කර ඇත. මේ ප්‍රහාරයෙන් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර, ඔවුහු බ්‍රිතාන්‍ය හා රුමේනියා ජාතිකයෝ වෙති.
 
ඉරානයේ සහ ඊශ්‍රායලයේ නෞකාවලට ප්‍රහාර එල්ල වීම පසුගිය මාස කිහිපය ඇතුළත අවස්ථා ගණනාවක වාර්තා වූ අතර, එමගින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව අඩු වුවද ප්‍රහාරයේ උණුසුම දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් දැඩි අර්බුදයක් නිර්මාණය කර ඇත. කෙසේවෙතත් තමන්ට එල්ලවන චෝදනා ඉරානය ප්‍රතික්ෂේප කර තිබේ.
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:05