2021 අගෝස්තු 07 වන සෙනසුරාදා

ඇෆ්ඝන් ආරක්ෂක ඇමැති නිවසට ප්‍රහාරයක්!

 2021 අගෝස්තු 07 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 42

ඇෆ්ඝනිස්තාන ආරක්ෂක ඇමැති බිස්මිල්ලා ඛාන් මොහොමදීගේ නිවසට එල්ල වූ ප්‍රහාරයකින් සිව් දෙනෙක් මියගියේය. ආරක්ෂක ඇමැතිවරයා එම ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදී නිවසේ නොසිටි බව සඳහන් විය.

දැඩි ආරක්ෂාවක් සපයා ඇති “හරිත කලාපයේ” පිහිටා ඇති එම නිවස ඉදිරිපිට කාර් බෝම්බයක් පුපුරවා හැර අනතුරුව වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට තුවක්කුකරුවන් ක්‍රියාකර තිබුණි. 

වසර 20ක් පමණ ඇෆ්ඝනිස්තානයේ රඳවා සිටි අමෙරිකානු සහ නේටෝ හමුදා එරටින් ඉවත්ව ගොස් ඇති පසුබිමක තලිබාන් සටන් කණ්ඩායම් පෙරමුණට පැමිණෙමින් පවතී. ඇෆ්ඝනිස්තාන රජයේ හමුදා පරාජය කර තලිබාන් සටන්කාමීන් එරට බලය අල්ලා ගතහොත් එය මුළු ලෝකයේම ආරක්ෂාවට විශාල තර්ජනයක් විය හැකි බව තලිබාන් සටන්කාමීන්ට එරෙහිව හෙල්මන්ඩ් පළාතේ හමුදා මෙහෙයුම් ප්‍රධානියා වන ජෙනරාල් සාමි සදාත් කියා ඇත.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00