2021 ජුලි 31 වන සෙනසුරාදා

අමෙරිකා - චීන සාම සාකච්ඡාවත් උණුසුම් වෙයි!

 2021 ජුලි 31 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 99

අමෙරිකාවේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වෙන්ඩි ෂර්මන් සහ චීන විදේශ ඇමැති වැං යි අතර චීනයේ ටියැන්ජින් නුවර පැවැති සාකච්ඡාව අන්තර්ජාතික වශයෙන් දැඩි අවධානයට ලක්වූවකි. දෙපාර්ශ්වය අතර වර්තමානයේ උද්ගත වී ඇති උණුසුම් තත්ත්වය පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට සහ ලබන ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට සැලසුම් කර ඇති ලොව බලවත් රටවල් ඇතුළත් ‘ජී-7’ සමුළුව අතරතුරදී අමෙරිකානු හා චීන ජනාධිපතිවරුන්ගේ බිරින්ඳෑවරුන් අතර පැවැත්වීමට නියමිත සාකච්ඡාවට අඩිතාලමක් සැලසීමට මේ සාකච්ඡාව කැඳවා තිබිණි.

සාකච්ඡාව අතරතුර දී දෙපාර්ශ්වයම එකිනෙකාට චෝදනා එල්ල කළ බව ද, දෙපාර්ශ්වය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවී ඇතැයිද ඇතැම් පුවත් සේවා  වාර්තා කළද මෙම සාකච්ඡාව ඉතා විවෘතව හා අවංකභාවයකින් යුතුව පැවැති බවට ද කරුණු පළව තිබේ.

චීන පරිපාලනය විසින් එරට ෂින්ජියැං පළාතේ සිදු කරමින් පවතින මානව අයිතිවාසිකම් කඩකිරීම් සහ චීනයෙන් කොවිඩ් වෛරසය ලොවට ව්‍යාප්ත වූ ආකාරය පිළිබඳ පැවැත්වෙන විමර්ශන කටයුතු සඳහා සහයෝගයක් නොදැක්වීම පිළිබඳ මෙහිදී අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරිය අදහස් පළ කර තිබේ.

චීනයේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීම වහා නතර කරන ලෙස චීන විදේශ ඇමැතිවරයා මේ සාකච්ඡාවේදී අමෙරිකාවෙන් ඉල්ලා ඇත.

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:05