ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන්ට ප්‍රබල ලෙස බලපාන මාරාන්තික දිලීර රෝගයක් ගැන අමෙරිකාවෙන් වාර්තා වේ. අමෙරිකාවේ නගර දෙකකින් සොයාගෙන ඇති මෙම දිලීරය කැන්ඩිඩා ඔරියස් (cndida aurias) ලෙස නම් කර ඇත. කොවිඩ් හේතුවෙන් අඩපණ වන ප්‍රතිශක්තිය සහිත අයට මෙය බෝවීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බව කියයි.
අමෙරිකාවේ නගර දෙකක සාත්තු නිවාස සහ රෝහල්වලින් වාර්තා වී ඇති මෙම දිලීර රෝගයට තවමත් නිශ්චිත ප්‍රතිකාරයක් සොයාගෙන නොමැත.
මෙම දිලීර රෝග සම්බන්ධයෙන් අදහස් දක්වන අමෙරිකාවේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) පවසා සිටින්නේ මෙම දිලීර රෝගය දැනට පවතින දිලීර නාශක ඖෂධ සඳහා විරෝධයක් දක්වන බවය. මෙය හඳුනා ගැනීමද නිශ්චිත පහසුකම් සහිත පර්යේෂණාගාරවලදී පමණක් සිදු කළ හැකිය. මෙම දිලීරය වසංගතයක් සේ රෝහල් සහ සාත්තු නිවාස අතර ඉක්මණින් පැතිර යාමේ හැකියාවක් සහිත බවද ඔවුහු කියති. එම ආයතනය පෙන්වා දෙන්නේ 2009 වසරේදී ජපානයෙන්ද මෙම දිලීර රෝගය හමුවී ඇති බවයි.