සුන්නි සහ ෂියා මුස්ලිම් දේශපාලන කණ්ඩායම්වල පමණක් නොව, පසුගියදා ධුරයෙන් සමුගත් ලෙබනන් අග්‍රාමාත්‍ය සාද් හරීරිගේ සහ පාර්ලිමේන්තු කතානායක නබී බෙරීගේ සහායද ඇතිව ලෙබනනයේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන නජීබ් මිකාටි හට නව රජයක් පිහිටුවීමට අවස්ථාව ලැබී ඇත.
ලෙබනනය මේ වන විට දැවැන්ත දේශපාලන සහ ආර්ථික අර්බුදයක ගිලී සිටින අතර බීරූට් වරාය පුපුරා යෑමේ සිදුවීමත් සමඟ දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටී.
මේ වන විට 65 හැවිරිදි මිකාටි, 2005 සිට 2011 දක්වාත් ඉන් පසු 2014 දක්වාත් ලිබියාවේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ අතර ඔහු ලෙබනනයේ ධනවත්ම ව්‍යාපාරිකයෙක් ද වේ. රට මුහුණ දී තිබෙන දේශපාලනික සහ ආර්ථික අර්බුදය විසඳීමට පැහැදිලි දැක්මක් ඔහුට ඇතැයි ඔහුට සහාය පළ කිරීමට ප්‍රතිඥා දුන් එරට පාර්ලිමේන්තුවේ සුන්නි, ෂියා ඇතුළු සියලු කණ්ඩායම්වල දේශපාලන පක්ෂ පවසා ඇත.