2021 ජුලි 24 වන සෙනසුරාදා

තලේබාන් වෙත දැඩි ප්‍රහාර මැද සාම කතාවට ඉඩ!

 2021 ජුලි 24 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 159

ගතවූ දින පහක කාලය තුළ ඇෆ්ගනිස්තානයේ රජයේ හමුදා එල්ල කළ ප්‍රහාරවලින් තලේබාන් සාමාජිකයන් 967 දෙනෙකු මියගොස් ඇති බව වාර්තාවේ. මෙම ගැටුම්වලින් තලේබාන් සාමාජිකයන් 500කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට අනුව ප්‍රාන්ත විස්සක සහ ප්‍රධාන නගර නවයක පැවැති ගැටුම්වලින් මෙම පිරිස මියගොස් ඇත. කෙසේ වෙතත් ගැටුම්වලදී ඇෆ්ගනිස්තාන හමුදාවන්ට සිදුවූ හානිය පිළිබඳ එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය කිසිවක් සඳහන් කර නැහැ.

ඇෆ්ගනිස්තාන හමුදා සහ ඔවුන්ට සහාය දෙන සිවිල් කණ්ඩායම් විසින් තලේබාන් සංවිධානය විසින් අල්ලාගත් ප්‍රදේශ කිහිපයක්ම යළිත් සිය පාලනය යටතට ගෙන ඇත. කෙසේ වෙතත්, ගැටුම් දිනෙන් දින උග්‍රව ඇත. එරට ප්‍රදේශ ගණනාවක සාමාන්‍ය ජන ජීවිතය මුලුමනින්ම අඩාල වී තිබේ.

මේ අතර කටාර්හි දෝහා අගනුවර පැවැත්වෙන සාම සාකච්ඡා ධනාත්මක සහ බලපොරොත්තු තැබිය හැකි මට්ටමින් පැවැත්වෙන බව ඇෆ්ගනිස්තානයේ සංහිඳියාව පිළිබඳ උත්තරීතර කවුන්සිලයේ සභාපති අබ්දුල්ලා ප්‍රකාශ කළේය. සාකච්ඡා ඉදිරියට ගෙනයාමේදී සිරකරුවන් 7000ක් නිදහස් කිරීම, සිය නායකයන් ඇමරිකාවේ අසාදු ලේඛනවලින් ඉවත්කිරීම වැනි ඉල්ලීම් කිහිපයක් තලේබාන් සංවිධානය විසින් ඉදිරිපත් කර ඇත.

මේ අතර ඇෆ්ගනිස්තානය මේ වනවිට දැවැන්ත මානුෂීය අර්බුදයක් කරා යොමු වෙමින් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇෆ්ගනිස්තාන කාර්යාලය සඳහන් කර තිබුණි. එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා එක්ව සහ සාමකාමීව කටයුතු කරන ලෙස එම කාර්යාලය ගැටුම්වලට සම්බන්ධ සියලු පාර්ශ්ව වෙත අවධාරණය කර ඇත.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00