රතු ග්‍රහයා හෙවත් අඟහරු ග්‍රහයාගේ පාෂාණ නියැදියක් ලබා ගැනීමට නාසා ආයතනය සූදානම් වෙයි. නාසා ආයතනය මගින් මේ වනවිටත් අඟහරු වෙත ගොඩබස්වා ඇති “Perseverance rover* මගින් එම පාෂාණ නියැදිය ලබා ගැනෙනු ඇත.
අඟහරු ග්‍රහයා පිළිබඳ සිදුකෙරෙන පර්යේෂණ සඳහා පිටත්කර යැවූ Perseverance රෝවරය අඟහරු වෙත ගොඩබස්වනු ලැබුවේ ඉකුත් පෙබරවාරි මාසයේදීය. කෙසේ වෙතත්, අඟහරු ග්‍රහයාගෙන් පාෂාණ නියැදියක් ලබාගන්නා පළමු අවස්ථාවද මෙයයි.
රෝවරය මගින් අඟහරුගෙන් ලබාගන්නා පාෂාණ නියැදිය මිනිස් ඇඟිල්ලක තරම් ප්‍රමාණයක් වන අතර, එය මුද්‍රා තැබූ නළයක බහා පෘථිවිය වෙත රැගෙන ඒමට නියමිතය. නාසා විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ අඟහරු මත ජීවයක් පවතීද යන්න පිළිබඳ සොයා බැලීම සඳහා සිදුකෙරෙන පරීක්ෂණ සඳහා මෙම පාෂාණ නියැදිය වැදගත් වනු ඇති බවය.
නාසා ආයතනය මෙවැනි අඟහරු මෙහෙයුමකට සැරසෙන්නේ මිනිසා සඳ තරණය කර වසර 52ක් සපිරීමෙන් අනතුරුවය. සඳ තරණයේ 52 වැනි සංවත්සරය ඉකුත්දා සමරනු ලැබුණි. එහිදී අනාවරණ කෙරුණේ මිනිසා සඳ මත තැබූ පළමු පා සලකුණ තවමත් සඳ මත එලෙසම පවතින බවය.