මධ්‍යම චීනයේ ෂෙන්ෂු පළාතට බලපෑ ගංවතුර තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව 5 ක් දක්වා ඉහළ ගොස් තිබේ. හත් දෙනෙකු පමණ අතුරුදන්ව ඇත. අධික වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය හමුවේ ෂෙන්ෂුහි උමං දුම්රිය මාර්ගද ජලයෙන් යටව තිබේ.
චීනයේ, හෙනාන් ප්‍රාන්තයේ මේ වනවිට පුද්ගලයින් දස දහසක් පමණ අවතැන් වී ඇත. චීන මාධ්‍ය වාර්තා අනුව එම ප්‍රාන්තයේ වෙසෙන මිලියන 94ක ජනතාවට දැඩි කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
මධ්‍යම චීනයේ උමං දුම්රිය ගමන් සහ ගුවන් ගමන් රැසක් අවලංගු කර තිබුණද ඇතැම් උමං තුළ දුම්රිය ගැටලු මතුව ඇත. ෂෙන්ගාෂූ ප්‍රාන්තයේ උමං දුම්රිය මාර්ගයක දුම්රියක් වැසි ජලයෙන් යටවී ඇත. එම අවස්ථාවේදී දුම්රියේ මගීන් ද සිට ඇති අතර ඔවුන්ගේ උරහිස් මට්ටමට ජලය පිරී තිබූ බවද වාර්තා වෙයි. ජලයෙන් යටවූ දුම්රියේ සිටි මගීන් ගලවා ගැනීම සඳහා හමුදා සෙබළුන් යොදවා ඇත. සොල්දාදුවන්ගේ උපරිම පරිශ්‍රමයෙන් අනතුරුව ෂෙන්ෂුහි පදිංචිකරුවන් 200,000කට ආසන්න සංඛ්‍යාවක් බේරා ගැනීමට සමත්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අධික වර්ෂාවත් සමග කුණාටු තත්ත්වයක්ද හටගෙන ඇති බවයි. චීන ජනපති ෂී ජින් පින් මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින් පවසා ඇත්තේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබාදීමට කටයුතු කරන බවයි.