ඉතා දුර්ලභ වෛරස රෝගයක් වන (monkey B) නමැති වෛරස රෝගයෙන් චීනයේ 53 හැවිරිදි පශු වෛද්‍යවරයෙක් මියගොස් ඇත.
වඳුරන්ටද ඉතා කලාතුරකින් වැළඳෙන මෙම රෝගය පසුගිය මාර්තුවේදී ඔහුට වැළඳී ඇත්තේ මළ වඳුරන් දෙදෙනෙක් පරීක්ෂාව සඳහා කපා බැලීමෙන් මසකට පමණ පසුවය. උණ, ඔක්කාරය, වමනය, ස්නායූක රෝගී ලක්ෂණ සහිතව ප්‍රතිකාර සඳහා යොමුවුවද ඔහු පසුව මියගොස් ඇත.
“මන්කි බී” නැතිනම් “බී වෛරස්” ලෙඩේ හැටියට නම් කරනා මෙය වඳුරන්ට කලාතුරකින් වැළඳෙන අතර මිනිසුන් අතර වාර්තා වන්නේ ඉතාමත් කලාතුරකින් බව කියයි. 1932 දී මුලින්ම සොයාගත් පසු එය මිනිසුන් අතර මෙතෙක් වාර්තා වී ඇත්තේ 50 දෙනෙක් තුළිනි. ඉන් 21 ක් මියගොස් ඇත. ඒ මරණ බොහෝමයකට ලක්වී ඇත්තේ සතුන් සමග කටයුතු කළ අයයි.