2021 ජුලි 17 වන සෙනසුරාදා

කුවීන් එළිසබෙත් යුද නෞකාවේ කොවිඩ් පොකුරක්

 2021 ජුලි 17 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 18

බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවට අයත් “කුවීන් එළිසබෙත්” නෞකාවේ නාවිකයින් විශාල පිරිසකට කොවිඩ් -19 වෛරසය වැළඳී ඇතැයි වාර්තා වේ. යුද ගුවන්යානා ගෙනයා හැකි එම නෞකාවේ සේවයේ නියුතු නාවිකයන්ගෙන් 100ක් පමණ කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන තිබේ.

එක්සත් රාජධානියේ ආරක්ෂක ලේකම්, බෙන් වොලස් පැවසුවේ එම ගමනට එක්ව සිටින සියලුම නැවියන්ට එන්නත් මාත්‍රා දෙකම ලබාදී ඇති බවය.

ලොව බලගතු යුද නෞකාවක් ලෙස සැලකෙන එම යාත්‍රාව ඇතුළු යාත්‍රා කිහිපයක් ලොව රටවල් කිහිපයක් වෙත යෑමට නියමිතය. එම ගමනට එක්ව සිටින වෙනත් නැව් කිහිපයකින්ද ආසාදිතයින් හඳුනාගෙන ඇති බව සඳහන්ය. 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:05