2021 ජුලි 17 වන සෙනසුරාදා

දකුණු අප්‍රිකාවේ විරෝධතා රැල්ල උග්‍රවෙයි

 2021 ජුලි 17 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 47

දකුණු අප්‍රිකානු හිටපු ජනපති ජෙකොබ් සූමා මාස 15ක කාලයක් සිරගත කරන ලෙස අධිකරණය නියෝග කිරීමත් සමඟඒ රටේඇවිල ගිය විරෝධතා රැල්ල උග්‍ර වී තිබේ.

විරෝධතාකරුවන් වෙළඳසල් ගිනි තබමින් හා ගොඩනැගිලිවලට හානි කරමින් ඊට විරෝධය පළ කරමින් සිටිති. මේ වනවිට විරෝධතාවලදී හටගත් ගැටුම්වලින් පුද්ගලයින් 72 දෙනෙකු පමණ මියගොස් තිබේ. විරෝධතා පාලනයට හමුදාව යොදවා ඇති අතර කළහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 1234 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

දකුණු අප්‍රිකානු හිටපු ජනපති ජෙකොබ් සුමා සිර අඩස්සියට පත්වූයේ සිය ධුර කාලය තුළදී සිදුවූ දූෂණ වංචාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් නොවීම හා අධිකරණයට අපහාස කිරීම යන චෝදනා මතයි. අධිකරණය විසින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබුණි. ඒ අතර ජෙකොබ් සූමා පොලීසියට භාර වී තිබේ. 79 හැවිරිදි ඔහු සිරගත කිරීමේ නියෝගයට අනුකූලව කටයුතු කිරීමට එකඟ වී තිබුණි. විරෝධතා හටගත්තේ එතැන් සිටය. 

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:05