නේපාල ශ්‍රේෂ්ඨාධිකරණය එරට පාර්ලිමේන්තුව නැවත ස්ථාපිත කරමින් විපක්ෂනායක ශෙයර් බහදූර් ඩියුබා අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කරනු ලැබීය. නේපාලයේ නව අග්‍රාමාත්‍යවරයා ශෙයර් බහදූර් ඩියුබා ජනාධිපතිනි බිද්‍යා දේවි බණ්ඩාරි ඉදිරියේ දිවුරුම් දී ඇත.
මීට පෙර සිව්වරක් නේපාල අග්‍රාමාත්‍ය ධුරය දරා ඇති ශෙයර් බහදූර් ඩියුබා හට ලැබී ඇති ප්‍රමුඛතම අභියෝගය වන්නේ නේපාලය තුළ කොරෝනා වයිරස ව්‍යාප්තිය මැඩලීමයි. එරටින් වයිරස ආසාදිතයින් හය ලක්ෂ හැට දහසකට ආසන්න ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව දස දහසකට ආසන්නය.
කෙසේ වුවද ශෙයර් බහදූර් ඩියුබා ලබන මාසයේදී පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විශ්වාසය දිනා ගැනීමේ ඡන්ද විමසීම ජයග්‍රහණය කළ යුතුව ඇත. නේපාල කොංග්‍රස් පක්ෂයේ නායකයා වන ශෙයර් බහදුර් ඉන්දීය හිතවාදියෙකු වන අතර ඔහු යටතේ ඉන්දියාව සමග පවත්නා අර්බුදකාරී තත්ත්වය පහවී මාස ගණනක සිට ඇතිව තිබෙන දේශපාලන අස්ථාවරත්වය නිමාවනු ඇත.