
හයිටි ජනාධිපතිවරයා ලෙස 2017 සිට එම ධූරයේ කටයුතු කළ ජොවෙනෙල් මොයිස් සන්නද්ධ පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් මියගිය බව වාර්තාවිය. අළුයම 1ට පමණ ආයුධ සන්නද්ධ පිරිසක් ජනාධිපතිවරයාගේ නිවසට ප්‍රහාරයක් එල්ලකර තිබුණි. එම ප්‍රහාරයෙන් ජනාධිපතිවරයාගේ බිරිඳද තුවාල ලබා ඇත.

ඝාතනයට ලක්වන වනවිට 53 හැවිරිදි වූ ඔහු ජනාධිපති ධූරයට පත්වූයේ හිටපු ජනාධිපති මිෂෙල් මාර්ටෙලි ඉල්ලා අස්වීමෙන් අනතුරුවය. සිය ධූරකාලය තුළදී ඔහුට එරෙහිව විවිධ දූෂණ චෝදනා එල්ල වූ අතර මොයිස්ගේ රජයට එරෙහිවද එරට තුළ විටින්විට දරුණු උද්ඝෝෂණ ඇතිවිය.
නිවේදනයක් නිකුත් කරමින් අන්තර්වාර අගමැති ලෙස පත්වූ ක්ලෝඩ් ජෝසෆ් පැවසුවේ රජයේ ස්ථාවරත්වය පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය සියලු පියවරගෙන ඇති බවය.