2021 ජුලි 03 වන සෙනසුරාදා

උසේන් බෝල්ට්ට නිවුන් පිරිමි දරුවන්!

 2021 ජුලි 03 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 74

ඉතිහාසයේ වේගවත්ම මිනිසා ලෙස සර්වකාලීන ඔලිම්පික් කිරුළට හිමිකම් කියන උසේන් බෝල්ට් සහ ඔහුගේ සහකාරිය කාසි බෙනට් ඉරිදා නිවුන් පිරිමි ළමයින්ගේ උපත නිවේදනය කළ අතර ඔවුන් තන්ඩර් බෝල්ට් සහ ශාන්ත ලියෝ බෝල්ට් ලෙස නම්කර තිබේ.

පියවරුන්ගේ දිනයේදී නිවුන් දරුවන් සහ දියණිය ඔලිම්පියා ලයිට්නින් බෝල්ට් සමඟ පෙනී සිටින යුවළගේ ඡායාරූපයක් වෙබ් අඩවි කිහිපයක පලකර තිබුණි.

2008, 2012 සහ 2016 ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 8 ක් දිනාගත් 34 හැවිරිදි බෝල්ට්, ඉතිහාසයේ වේගවත්ම මිනිසා ලෙස මීටර් 100 සහ මීටර් 200 ඉසව්වෙන් ලෝක වාර්තා තබා ඇත. අඛණ්ඩව ඔලිම්පික් උළෙලකදී මීටර් 100 සහ මීටර් 200 ද්විත්ව ශූරතාව දිනාගත් එකම පුද්ගලයා ඔහුය.

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:05