2021 ජුලි 03 වන සෙනසුරාදා

කිම් ජොන් උන් කෙට්ටු වෙයි!

 2021 ජුලි 03 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 236

මහත දෙහෙත හාදයෙක් හැටියට ප්‍රසිද්ධ උතුරු කොරියානු නායක කිම් ‌‍ජොන් උන්ගේ ශරීර ප්‍රමාණය වෙනස් වීමේ පුවතක් වාර්තා වෙයි. ඒ ඔහුගේ ශරීරය තිබුණාට වඩා කෙට්ටු වී ඇති බවටය. ඒ හේතුවෙන් එරට සියලු වැසියන් කනස්සල්ලෙන් පසුවන බව වාර්තා වෙයි. පසුගිය දිනවල රූපවාහිනී වැඩසටහන් වලට සහභාගී වීමේදී ඔහුගේ එම වෙනස්කම දක්නට ලැබී තිබේ.

කොවිඩ් වසංගතයට සාර්ථකව මුහුණ දුන්නද බටහිර සම්බාධක හමුවේ එරට පවතින්නේ දරුණු සාගිනි අනතුරකය. ඒ අතර  කිම් ජොන් උන් එලෙස වෙනස් වී සිටිනු දැකීම එරට වැසියන්ගේ හද කම්පා කරවන පුවතකි.  

කිම්ගේ මේ සෞඛ්‍ය තත්ත්වයේ වෙනස්කම රහසක් ලෙස තබා ගැනීමට එරට සියලු මාධ්‍ය පවා කටයුතු කරන බවට වාර්තා වන්නේ, යම් හෙයකින් ඔහු දුර්වල වේ නම් එරටට කිසියම් ආක්‍රමණයක් එල්ල විය හැකිය යන සැකය නිසාය.‍

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:05