2021 ජුලි 03 වන සෙනසුරාදා

ඉන්දියාවේ නවතම අග්නි මිසයිලයත් සාර්ථකයි

 2021 ජුලි 03 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 51

අග්නි ප්‍රයිම් ලෙස නම් කර ඇති ඉන්දියාවේ නවතම අග්නි මිසයිලය අත්හදා බැලීම සාර්ථක විය. 

එම මිසයිලය ගුවන්ගත කර ඇත්තේ ඔඩීෂා වෙරළ තීරයේදීය. කිලෝමීටර 1000 - 2000ත් අතර පරාසයක විහිදෙන එම මිසයිලය ඉදිරි පරම්පරාවේ න්‍යෂ්ටික හැකියාවන්ගෙන් සමන්විත වූවකි. ඉන්දියාවේ අග්නි මිසයිල මෙහෙයුම් මාලාවේ තවත් අදියරක් ලෙස එම අත්හදා බැලීම සිදුවිය.