2021 ජුනි 12 වන සෙනසුරාදා

දරුවන් 10ක් බිහිකර ගිනස් වාර්තාවක්

 2021 ජුනි 12 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 109

වැඩිම දරුවන් ගණනක් බිහිකිරීම සඳහා වන ගිනස් වාර්තාවට නම ඇතුළත් කර ගැනීමට දකුණු අප්‍රිකානු මවක් සමත් වූවාය. ඇය දරුවන් 10 දෙනෙක් බිහිකර තිබේ.

තමාලා සිතොලේ නමැති 37 හැවිරිදි ඇය මීට පෙරද නිවුන් දරු උපතකට උරුමකම් පෑවාය. ඇය මෙවර බිහිකළ බිළිඳුන් අතුරින් තිදෙනෙක් දැරියන්ය. තමාලා සිතොලේට පෙර වැඩිම දරු උපත් සඳහා වන ගිනස් වාර්තාවට හිමිකම් පෑවේ බිළිඳුන් 09 දෙනෙකු බිහිකළ මාලි රාජ්‍යයේ හලීමා සිසී නමැති කාන්තාවයි.