2021 මැයි 29 වන සෙනසුරාදා

කූඩාරම් මඩුවක දිවුරුම් දුන් සමෝවාහි පළමු අගමැතිවරිය

 2021 මැයි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 85

පැසිෆික් දූපත් රාජ්ජයක් වන සමෝවාහි පළමු අගමැතිවරිය පාර්ලිමේන්තු උද්‍යානයේ කූඩාරම් මඩුවකදී දිවුරුම් දුන්නාය. වසර 22ක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ ටුවිලෙපා සයිලෙල් මලීලෙගාවෝයි ඔහුට ඉල්ලා අස්වන ලෙස ලැබුණු අධිකරණ නියෝගය නොසලකා හරිමින් පාර්ලිමේන්තුව අගුළු දමා තිබූ බැවිනි.

මේ ඉතිහාස ගත සිදුවීම වාර්තාවන දිනයේදී 64 හැවිරිදි ෆියාම් නයෝමි මාටාෆා දිවුරුම් දීමට බලාපොරොත්තුවෙන් එරට පාර්ලිමේන්තුවට පැමිණියාය. එහෙත් හිටපු අගමැති මාලීලෙගාවෝයිගේ සගයන් විසින් පාර්ලිමේන්තුව අගුළු දමා තිබූ බැව් වාර්තා විය. ඒ වෙනුවට, මාටාෆා සහ ඇගේ ෆාස්ට් පක්ෂයේ සාමාජිකයෝ අපියා අගනුවර පිහිටි පාර්ලිමේන්තු උද්‍යානයේ ඇටවූ කූඩාරම් මඩුවකදී සිය ආධාරකරුවන් ඉදිරියේ දිවුරුම් දුන්හ. විය යුතු සේම මේ තාවකාලික උත්සවය ප්‍රතිවාදීන් විසින් නිල නොවන දිවුරුම් දීමක් ලෙස ප්‍රතික්ෂේප කරන ලදී. මලීලෙගාවෝයි මහතා මේ දිවුරුම් දීමේ උත්සවය “නීති විරෝධී” ලෙස හඳුන්වා දී ඇත.