
ලොව රටවල් 53ක සිදුකළ සමීක්ෂණයකට අනුව ගෝලීය ප්රජාතන්ත්රවාදයට රුසියාව සහ චීනයට වඩා එක්සත් ජනපදය විශාල තර්ජනයක් බව බහුතරයකගේ මතය වී තිබේ. මෙය සිදුකළේ එලායන්ස් ඔෆ් ඩිමොක්රසි නමැති ලාභ නොලබන සංවිධානයකි. ගෝලීය ප්රජාතන්ත්රවාදය පිළිබඳ මත විමසුමට මෙම සංවිධානය රටවල් 53ක මිනිසුන් 50,000ක් යොදාගෙන තිබේ.
මෙහිදී එම මත විමසුමට අනුව 44 මිනිසුන්ගේ ප්රතිචාර වූයේ තම රටවල ප්රජාතන්ත්රවාදයේ අඛණ්ඩ පැවැත්මට එක්සත් ජනපදය තර්ජනයක් බවය. තවද මෙම සමීක්ෂණයට අනුව 38 මිනිසුන්ගේ ප්රතිචාරය වූයේ චීනය තම රටේ ඒකීය ප්රජාතන්ත්රවාදයට තර්ජනයක් බවයි. 28 ප්රමාණයක් අදහස් දැක්වූයේ රුසියාව තම රටවල ප්රජාතන්ත්රවාදය පවත්වාගෙන යාමට තර්ජනයක් ලෙසටය.
නමුත් මෙම මත විමසුමේදීම ඉදිරිපත් කළ වෙනත් ආකාරයක ප්රශ්නයකදී සියයට 64ක් වූ බහුතරයකගේ ප්රතිචාරය වී තිබුණේ ආර්ථික අසමානතාව ගෝලීය ප්රජාතන්ත්රවාදයට ඇති එකම තර්ජනය ලෙසටය.