2021 මැයි 08 වන සෙනසුරාදා

ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදයේ සතුරා හෙළිවෙයි!

 2021 මැයි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 108

ඉකුත් සඳුදා දිනයේ ජම්මු හා කාශ්මීරයේ සම්බා දිස්ත්‍රික්කයේ ජාත්‍යන්තර දේශසීමාව ඔස්සේ නැවත ඉන්දු පකිස්තාන් යුද උණුසුම පැතිර ගියේය. පෙබරවාරි මාසයේ එළැඹී සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරමින් පළමුවරට පාකිස්තාන හමුදා ඉන්දියානු දේශසීමා දෙසට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීමත් සමගිනි.

එදින උදෑසන 6.00ට පමණ පාකිස්තාන රේන්ජර්ස් කණ්ඩායම විසින් සම්බා දිස්ත්‍රික්කයේ රාම්ගාර් ප්‍රදේශයේ අයි.බී. ඔස්සේ දේශසීමා ආරක්ෂක හමුදා (BSF) මුර සංචාරයේ යෙදෙන කණ්ඩායමක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කියයි. ඉන්දීය දේශ සීමා ආරක්ෂක හමුදා නිලධාරීන් කියා සිටියේ ඔවුන් සාර්ථක ලෙස එම ප්‍රහාර මැඩ පැවැත්වූ බවත් පාකිස්තාන ආක‍්‍රමණයට සුදුසු ප‍්‍රතිචාරයක් ලබාදුන් බවත්ය.

මීට පෙර, මේ වසරේ පෙබරවාරි 24 වැනි දින, ඉන්දියාව සහ පාකිස්තානය දෙපාර්ශ්වයම දේශසීමා අතර සටන් විරාම ගිවිසුමට එළැඹි අතර ඒවාට දැඩි ලෙස අවනත වන බවත්, “එකිනෙකාගේ” මූලික ගැටලු විසඳන බවත් නිවේදනය කළහ. පසුගිය වසරේ (2020) නිල සංඛ්‍යා ලේඛනවලට අනුව, සීමාසහිත සටන් විරාම උල්ලංඝනය කිරීම් 5,133ක් වාර්තා වී තිබේ. මේ දේශසීමා අර්බුදය 1965 තරම් ඈත කාලයක සිට පැතිර යන්නකි.