2021 මැයි 08 වන සෙනසුරාදා

මාධ්‍ය කැළඹූ ප්‍රකෝටිපති දික්කසාදය!

 2021 මැයි 08 වන සෙනසුරාදා, ප.ව. 06:00 308

ජීවිතයේ උපරිම සෞභාග්‍යය උදාවනතුරු එකට කූඩු වී සිටි ප්‍රකෝටිපති යුවළක් සිය කසාදය කුරුටු ගා දමන්නට තීන්දු කර තිබේ. ඒ මාධ්‍ය කළඹන පුවතක් බවට පත්ව ඇති බිල්ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් යුවලගේ දිකකසාදයයි. මේ දිකකසාදයට නිතී කටයුතු කරන්නට ඉදිරිපත්ව සිටින්නේ මීට පෙර දික්කසාද වූ ජෙෆ් බෙසොප් යුවළගේ දික්කසාදය සැලසුම් කළ නීති විශාරදයින්ම වීම මෙහි ඇති අපූරුවයි.

දැන් වසර 27ක සිය යුගදිවිය අවසන් කරන බව ඔවුන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර හමාරය. ට්විටර් සටහනක් තබමින් තමන් සිදුකරගෙන ආ සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යන නමුත් යුවළක් ලෙස තම ජීවිත ඉදිරියට ගෙන නොයන බව එම යුවළ පවසා ඇත. 

ෆෝබ්ස් වර්ගීකරණයට අනුව බිල් ගේට්ස් ලොව දැනට සිටින සිව්වැනි ධනවත්ම පුද්ගලයායි. ඔහුගේ වත්කම්වල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 124 ක් පමණය. 1980 වසරේදී මෙලින්ඩා, බිල් ගේට්ස්ගේ මයික්‍රොසොෆ්ට් ආයතනය සමඟ එක්ව ඇති අතර එහිදී ඇති වූ සබඳතාවය විවාහයෙන් අවසන් විය. බිල් සහ මෙලින්ඩා යුවළට දරුවන් තිදෙනෙකු සිටියි.