2021 මැයි 01 වන සෙනසුරාදා

කොවිඩ් මරණ මැද ඉන්දියාවේ මැතිවරණයක්!

 2021 මැයි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 50

ගෙවෙන සෑම තෙදිනකදීම ඉන්දියාවෙන් පමණක් කොවිඩ් ආසාදිතයින් මිලියනය ඉක්මවා වාර්තාවෙමින් පවතී. පැය 24ක කාලයකදී ඒ රට තුළ සිදුවන මරණ ගණන 4000ට කිට්ටු කර හමාරය. තත්ත්වය එසේ තිබියදී ඒ රටේ මැතිවරණයක් පැවැත්වීමට ඉන්දීය බලධාරීන් ක්‍රියාකර තිබේ. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට දැඩි විරෝධයක්ද එල්ල වී ඇත. මැතිවරණය පැවැත්වෙන්නේ ආසාදිතයින් ඉහළ බටහිර බෙංගාලයේය.

නවකොවිඩ් රැල්ල මේ වනවිට ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල ඛේදවාචකයක් ඇතිකර තිබේ. එසේ කොවිඩ් ආසාදිතයින් ඉහළ ගියද බටහිර බෙංගාල මැතිවරණය පැවැත්වීමට ඉන්දීය බලධාරීන් ක්‍රියාකර තිබේ. එම ප්‍රදේශයේ ඡන්දදායකයින් විශාල වශයෙන් ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙමින් සිටින බව ඉන්දීය මාධ්‍යය පවසයි. මේ හේතුවෙන් බටහිර බෙංගාලය කොවිඩ් වෛරසයේ මීළඟ බිල්ල විය හැකි බවට වෛද්‍යවරු අනතුරු අඟවති.

බටහිර බෙංගාලයේ පසුගිය පැය 24 තුළ ආසාදිතයින් 17,000ක් හමුවී ඇති අතර එය එම කලාපයෙන් වාර්තා වූ වැඩිම ප්‍රමාණය වේ. වෛරසය රටපුරා වේගයෙන් පැතිර යන අවස්ථාවේ ඒ ගැන නොතකා අගමැති නරේන්ද්‍ර මෝදී මැතිවරණ ප්‍රචාරක රැලි පැවැත්වීම සම්බන්ධයෙන් ඉන්දියාවේ බොහෝදෙනා ඔහුට සිය විරෝධය පළ කරති.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00