2021 මැයි 01 වන සෙනසුරාදා

වසංගතය මැද තෙරපී මියයයි

 2021 මැයි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 37

කොවිඩ් වසංගතය නොතකා ඊශ්‍රායලයේ පැවති ආගමික උත්සවයක් අතරතුර සිදුවූ තෙරපීමකින් පුද්ගලයින් 38 දෙනෙකු මියගොස් තිබේ. ඉන් තුවාල ලැබූ සංඛ්‍යාව 103කි.

බහුතරයකගේ තත්ත්වය බරපතලය. මින් වැඩි පිරිසක් මියගොස් ඇත්තේ, පෑගීමෙන් සහ හුස්ම ගැනීමේ අපහසුතා හේතුවෙනි. ගණනය කිරීම්වලට අනුව අදාළ ආගමික උත්සවයට එක්වූ පිරිස ලක්ෂයකට අධිකය. මෙය දරුණු ව්‍යසනයක් බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කර ඇත. කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය වසරේ එම උත්සවය පැවැත්වුණේ නැත. මෙවර කොරෝනා වසංගතයත් සමඟ නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නොසලකා හරිමින් එම උත්සවය සංවිධානය කර ඇත.