2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා

අඟහරු හෙළිකොප්ටරය තිතට වැඩ!

 2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 127

අඟහරු ග්‍රහලෝකයේ පළමු හෙළිකොප්ටර් ගමන පසුගිය සතියේ සාර්ථකව සිදුවිය. ඒ අනුව පෘථිවිය අඟහරු අහසේ පාලනය සියතට ගත්තේය.

මෙම පළමු අඟහරු හෙළිකොප්ටර් ගමන මුළුමනින්ම පාලනය කළේ කැලිෆෝනියාවේ පිහිටි නාසා ආයතනයට අනුබද්ධිත යානා විද්‍යායතනයක සිටයි. රාත්තල් 4ක බරින් යුත් තල හතරක හෙළිකොප්ටරය අඟහරු භූමියේ සිට මීටර 3ක් ඉහළ තත්ත්පර 30ක කාලයක් සැරිසැරුවේය.

ඉහළට එසැවුණු යානය අඟහරු මත ඡායාරූප කිහිපයක් ද ලබා දී තිබේ. රයිට් සහෝදරයන් පෘථිවිය තුළ කළ හඳුන්වාදීම අද වෙනත් ග්‍රහලෝකයකට හඳුන්වා දීමට අඟහරු හෙළිකොප්ටර් ගමනට හැකිවූ අතර කවදා හෝ අඟහරු ග්‍රහයා වෙත මිනිසුන් යැවීමට හැකිවෙතැයි විද්‍යාඥයන්ට ඇත්තේ දැඩි බලාපොරොත්තුවකි.