2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා

ඊජිප්තුවෙන් මාරක දුම්රිය අනතුරක්!

 2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 33

පසුගිය සමයේ ඊජිප්තුවෙන් නිරන්තරව මාරක දුම්රිය අනතුරු වාර්තා විය. ඉන් අලුත්ම වාර්තාව එන්නේ ඊජිප්තුවේ ඇලියෝබියා පළාතෙනි. එහි සිදු වූ දුම්රිය අනතුරකින් මගීන් 11 දෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් 98 දෙනෙක් තුවාල ලැබූහ. ගිලන් රථ 50කට අධික සංඛ්‍යාවකින් තුවාලකරුවන් අසල පිහිටි රෝහල් 3 ක් වෙත රැගෙන ගොස් ඇත.

එරට සෞඛ්‍ය අමාත්‍යංශයට අනුව දුම්රිය පිලී පැනීමෙන් පසු මෙම අනතුර සිදුව ඇත. එක ළඟම වාගේ සිදුවූ මාරක දුම්රිය අනතුරු අතරට මෙම මාසයේදීම මීට පෙර සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 20 දෙනෙක් පමණ තුවාල ලැබූහ. පසුගිය මාර්තු මාසයේදී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 20 දෙනකු පමණ ජීවිතක්ෂයට පත් වූ අතර 200කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.
පවතින තත්ත්වය හමුවේ හිටපු හමුදා ජෙනරාල්වරයකු වන ඊජිප්තු ප්‍රවාහන අමාත්‍යවරයාට ඉල්ලා අස්වන ලෙස ඊජිප්තුවේ ඇතැම් පිරිස්වලින් බලපෑම් එල්ල වී  තිබේ.