2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා

ලෝකයේ පැරණිතම ත්‍රිමාණ සිතියම!

 2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 77

ලෝකයේ පැරණිතම ත්‍රිමාණ සිතියම ප්‍රංශයෙන් සොයාගැනීමට පර්යේෂකයන් පිරිසක් සමත්ව ඇත. මෙය වසර සිය ගණනක් පැරණි ලෝකඩ ත්‍රිමාණ සිතියමකි. ප්‍රංශයේ මාලිගයක් තුළ බඳුනක බහා තිබීයදී මෙය සොයාගෙන තිබේ. දිග අඩි 5යි අඟල් 6 ක් වන මෙම ත්‍රිමාණ සිතියමේ බටහිර බ්‍රිතාන්‍යයේ ප්‍රදේශයක් නිරෑපණය කර ඇත.

සිතියම නිර්මාණය කර ඇති ලෝකඩ පාෂාණ කැබැල්ල ක්‍රිස්තු පූර්ව 1900 ඈත අතීතයේ නිමවුවක් ලෙස සැලකෙන අතර ශතවර්ෂ ගණනාවක් එය විවිධ පාෂාණ ජීර්ණයන්වලට ලක් වී ඇති බව සඳහන්ය. පර්යේෂකයන් පෙන්වා දෙන්නේ එය මේ දක්වා නොනැසී පැවතීම ලෝහයේ ශක්තිමත්භාවය මැනවින් ප්‍රදර්ශනය කරන සාධකයක් හැටියටය.