2021 අප්‍රේල් 03 වන සෙනසුරාදා

ඉන්දුනීසියාවේ තෙල් ගින්න!

 2021 අප්‍රේල් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 26

ඉන්දුනීසියාවේ විශාලතම තෙල් පිරිපහදුව වන බැලොන්ගන් පිරිපහදුවේ හටගත් ගින්නක් හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙකු පමණ තුවාල ලැබූ අතර පිරිපහදුව ආසන්නයේ පදිංචිකරුවන් 950ක් පමණ ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට ඉකුත් සතියේ  බලධාරීන්ට සිදුවිය.

රාජ්‍ය තෙල් සමාගමක් වන “පර්තමිනා” සමාගම යටතේ පවත්වාගෙන යනු ලබන එරට විශාලතම තෙල් පිරිපහදුව වන මෙය ජකර්තා අගනුවර සිට කිලෝමීටර් 200ක් පමණ නැගෙනහිර දෙසට වන්නට පිහිටා ඇත. බැලොන්ගන් තෙල් පිරිපහදුව හෙක්ටයාර 340ක වපසරියක පිහිටා ඇති අතර ඉන් දිනකට තෙල් බැරල් 125,000ක් සකසනු ලබයි.

1984 වැඩ ඇරඹූ මේ තෙල් පිරිපහදුවේ හටගත් හදිසි ගින්න ගැන බොහෝ සැකසංකා මතුව තිබේ.‍ එයට ප්‍රධාන හේතුවක් වන්නේ ගින්න හටගන්නා අවස්ථාවේ තද වැසි සහ අකුණු සැර තිබූ බව වාර්තා වීමය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ හේතුවෙන් පිරිපහදු යන්ත්‍රවලට හානි වී නැති බවත් ඒ නිසා දින 5ක පමණ කාලයකදී නැවතත් එහි වැඩ ඇරඹිය හැකි බවත් විශ්වාස කෙරේ.