2021 මාර්තු 27 වන සෙනසුරාදා

උතුරු කොරියාවෙන් නැවතත් මිසයිල!

 2021 මාර්තු 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 105

ජෝබයිඩන් අමෙරිකානු ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව පළමුවරට උතුරු කොරියාව බැලැස්ටික් මිසයිල 2ක් අත්හදා බලා ඇත. නව බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බලා ඇත්තේ ජපානයට ඔබ්බෙන් වූ මුහුදේදීය. උතුරු කොරියාව එරට වේලාවෙන් උදෑසන 7ට අත්හදා බැලූ මෙම මිසයිල දෙක කිලෝමීටර් 420ක් සහ 430ක් දුර ඉහළට ගොස් මුහුදට පතිත වී තිබේ.

මේ අතර ආසියා-පැසිෆික් කලාපයේ හමුදා බලකායන් අධීක්ෂණය කරන එක්සත් ජනපද පැසිෆික් අණදෙන නිලධාරියා පැවසුවේ, මෙම පරීක්ෂණයෙන් උතුරු කොරියාවේ නීතිවිරෝධී ආයුධ වැඩසටහන අසල්වැසියන්ට සහ ජාත්‍යන්තර ප්‍රජාවට ඇති තර්ජනය ඉස්මතු කර ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවලට අනුව තර්ජනාත්මක ආයුධ ලෙස සැලකෙන බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම තහනම්ය.