2021 මාර්තු 20 වන සෙනසුරාදා

චීනයේ තැඹිලි අහස

 2021 මාර්තු 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 90

චීනයේ බීජිං අහස පසුගියදා තද තැඹිලි පැහැයක් ගත්තේය. ඒ දැවැන්ත වැලි කුණාටුවක් හේතුවෙනි. මොංගෝලියාවෙන් හටගත් මෙම, දූවිලි කුණාටුව හේතුවෙන් මේ වනවිට එරට 341 දෙනෙකු අතුරුදන්ව තිබේ. 

මොංගෝලියාවේ සිට හමාගිය මේ වැලි කුණාටුවෙන් වාතයට එක්ව ඇති අංශුවල සාන්ද්‍රණය මයික්‍රො ග්‍රෑම් 8,000ත් ඉක්මවා ඇත. වාතයේ ගුණාත්මක මිනුම් ප්‍රස්ථාරවල සටහන් වන්නේ අනතුරුදායක මට්ටමකි. චීනයේ බටහිරින් පිහිටි නිංෂියාහි සමහර පදිංචිකරුවන් කියා සිටියේ තමන් මධ්‍යම රාත්‍රියේ අවදි වනවිට හුස්ම ගැනීමට නොහැකි බවක් දැනුණ බවයි.

චීන කාලගුණ කාර්යාංශය පැවසුවේ දශකයක් තුළ එරටට බලපෑ දරුණුතම වැලි කුණාටුව එය බවය. මේ හේතුවෙන් ගුවන්ගමන් සිය ගණනක් අත්හිටුවීමටද සිදුවිය. වායුගෝලීය දුෂණය අතින් බීජිනය ප්‍රමුඛ නගරයකි. ඉන්දියාවේ නවදිල්ලියද වායු  දූෂණය අතින් ඉහළ අගයක් ගනියි.

 

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:05