මීට 20 වසරකට ඉහතදී තලිබාන් සටන්කරැවන් විසින් විනාශ කළ ලොව උසම බුදු පිළිමය ලෙස සැලකුණු බාමියන් බුදු පිළිමය 3D තාක්ෂණය ඔස්සේ ප්‍රතිනිර්මාණය කිරීමට ඇෆ්ඝනිස්තාන ශීල්පීන් කණ්ඩායමක් කටයුතු කර තිබේ.
වසර 1700 කට පසුව ලෝකයේ විශාල හිටි බුදු පිළිම දෙක, එනම් බාමියන් බුදු පිළිම විනාශ කරනු ලැබුවේ 2001 වසරේ මාර්තු මාසයේදීය. මේ එක් බුදු පිළිමයක් අඩි 165 ක් උසැතිය.
මධ්‍යම ඇෆ්ගනිස්‌ථානයේ හින්දුකුෂ් කඳු පන්තියේ පිහිටා තිබූ මේ අනර්ඝ බෞද්ධ උරුමය විනාශ කරනු ලැබුවේ තලේබාන් නායක මුල්ලා ඕමාර්ගේ අණ පරිදිය. එක් ඇසකින් පමණක් ජීවත් වූ මේ ත්‍රස්‌ත නායකයා අද ජීවතුන් අතර නැත.
2001 දී බාමියන් බුදු පිළිමය විනාශ කිරීමට ඩයිනමයිට් මෙන්ම යුද ටැංකි නාශක අවිද යොදාගනු ලැබිණි. බුදු පිළිම දේහයේ හිල් විඳ ඒවායේ ඩයිනමයිට් තැන්පත් කර පුපුරවා හරිනු ලැබුවේ අමානුෂික ආකාරයටය.
එම කලාපයේ බෞද්ධාගම ප්‍රමුඛව පැවති සමයේ එම බුදු පිළිම නෙළා තිබුණි.