බලයෙන් පහ කළ අවුන් සාන් සූකීට එරෙහිව මුල්වරට දූෂණ චෝදනා එල්ල කිරීමට මියන්මාර් හමුදා පාලකයින් කටයුතු කර ඇත. ඇය නීති විරෝධීව ඩොලර් 600,000ක් සහ රත්‍රන් ලබාගෙන ඇති බව චෝදනාවෙන් කියැවෙයි. නමුත් චෝදනා සඳහා මෙතෙක් සාක්ෂි ඉදිරිපත්කර නැත.
මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී රජය පෙරළා දමා බලය අල්ලා ගැනීමෙන් අනතුරුව හිටපු නායකයින්ට එරෙහිව එල්ල කළ බරපතළම චෝදනාව මෙයයි.
ඡන්දයෙන් තේරී තේරීපත් වූ අවුන් සාන් සුචිගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව යළි බලයේ පිහිටුවන ලෙස ඉල්ලමින් හමුදා කුමන්කත්‍රණයට සිදු වූ පසුගිය පෙබරවාරි 1 වැනිදා සිට මේ දක්වා මියන්මාරය පුරා අඛණ්ඩව විරෝධතා ක්‍රියාත්මකය. පාලනය කළ නොහැකි මට්ටමට උග්‍ර වූ විරෝධතාවන් විසුරුවා හැරීමට පොලීසිය මෙන්ම හමුදාවද යොදාගත් අතර ඔවුන් නිරායුධ සිවිල් වැසියනට වෙඩි ප්‍රහාර එල්ල කර තිබුණි. මේ ප්‍රහාර හේතුවෙන් විරෝධතාකරුවන් 50ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇත. මියන්මාර ප්‍රධාන නගර අතුළු නගරවල සාප්පු, කර්මාන්තශාලා සහ බැංකු තවදුරටත් වසා දමා තිබේ. බොහෝ පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. අත්අඩංගුවට පත් සූකීගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ ප්‍රචාරක කළමනාකරු වූ කිං මාං ලැට් පොලිස් අත්අඩංගුවේදී මියගොස් ඇති බවද වාර්තා විය.