අලිබබා සමාගමේ නිර්මාතෘ ජැක් මා, මේ නොබෝදා රටේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති විවේචනය කරන්නට පෙර චීනයේ ධනවත්ම පුද්ගලයා ලෙස හඳුන්වනු ලැබුණි. 2019 සහ 2020 වසරවල චීනයේ ධනවත් පුද්ගලයින්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටියේ ඔහුය. නමුත් දැන් ඔහුට ඒ ස්ථානය අහිමි වී තිබේ.
එරට ධනවතුන් සම්බන්ධයෙන් නිකුත් කළ නවතම ලැයිස්තුවට අනුව දැන් ධනවත්ම පුද්ගලයා බවට පත්ව ඇත්තේ බෝතල් කළ පානීය ජලය අලෙවි කිරීමේ ව්‍යාපාරයක් වන නොන්ග්ෆු ස්ප්‍රින්ග් හි හිමිකරු ෂොං ශාන්ශාන් ය. අදාළ ව්‍යාපාරයට අමතරව ෂොං ශාන්ශාන් කොවිඩ් - 19 මර්දන එන්නත් නිෂ්පාදනය කරනු ලබන බීජිංහි පිහිටි සමාගමකද හිමිකරු වේ.
ආණ්ඩුව සමග පැටලෙන තුරු ඉහළ කොටස් අලෙවියක් සහිතව සරු ආදායම් ලැබූ අලි බාබාගේ ව්‍යාපාර මේ වනවිට පසුබෑමකට ලක්ව හමාරය. ජැක් මා පවා වැඩිදුර එළිපහළියට එන්නේද නැත. ලෝකයම ඩිජිටල් වෙළඳපළට එක්කරගත් නව සංකල්පයක් බිහිකළ ජැක් මා ගේ ව්‍යාපාර වෙනුවට දැන් නොන්ග්ෆු ස්ප්‍රින්ග් සමාගමේ කොටස් සඳහා ඇති ඉල්ලුම සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බව දත්ත පෙන්නුම් කරයි.