2021 මාර්තු 06 වන සෙනසුරාදා

මියන්මාරයේ 50ක් මරයි!

 2021 මාර්තු 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 74

එක්සත් ජාතීන්ගේ මියන්මාර තනාපතිනියට අනුව ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාර හේතුවෙන් මේ වනවිට 50 දෙනෙකුට අධික සංඛ්‍යාවක් විරෝධතා අතරතුර මියගොස් ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කළේ විරෝධතා මර්දනය කිරීමේදී ආරක්ෂක අංශ විසින් අනතුරු ඇඟවීමකින් තොරව විරෝධතාකරුවන්ට වෙඩි ප්‍රහාර  එල්ල කර ඇති බවය.
ඉකුත් පෙබරවාරි 1 වැනිදා නායිකා අවුන් සාන් සුකී ඇතුළු නායකයින් අත්අඩංගුවට ගෙන කුමන්ත්‍රණයක් මගින් හමුදා පාලකයින් මියන්මාර පාලන බලය සියතට ගැනීමත් සමග එරට වැසියෝ දහස් ගණනින් වීථි බැස විරෝධතාවේ නිරත වන්නට වූහ.

හමුදා නායකයින් මෙලෙස කුමණ්ත්‍රණයකින් රට අල්ලා ගත්තේ, පසුගිය වසරේ පැවති මැතිවරණයේදී අවුන් සාන් සුකීගේ ජාතික ලීගය ලද මැතිවරණය ජයග්‍රහණය වංචනික බව පවසමිනි. එදා සිට කුමන්ත්‍රණයකින් බලය අල්ලාගත් හමුදා පාලකයින්ට එරෙහිව මියන්මාර වැසියෝ දස දහස් ගණනක් වීථි බැස විරෝධතාවල නිරත වී සිටිති. කඩ සාප්පු ඇතුළු ව්‍යාපාරික ස්ථාන සියල්ලක්ම පාහේ වසාදමා හිමිකරැවන් මෙන්ම සේවකයින්ද විරෝධතාවලට එක්ව සිටිති.

අත්අඩංගුවට ගත් නායිකාව මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අතර නීතිවිරෝධිව සන්නිවේදන උපකරණ භාවිතා කිරීම සහ ස්වාභාවික ආපදා නීතිය කඩ කිරීම ඇයට එරෙහිව එල්ල වී ඇති චෝදනාවන්ය. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට ගරු කරමින් මියන්මාර හමුදා පාලකයින් පසෙකට විය යුතු බවටත් ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ නායිකා අවුන් සාන් සුකී වහාම නිදහස් කළ යුතු බවටත් අන්තර්ජාතික ප්‍රජාව එරට හමුදා ජුන්ටාවට බලපෑම් කර තිබේ.

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:05