2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා

යුරෝපයේ උසම ගිනිකන්ද යළි ගුගුරයි!

 2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 245

යුරෝපයේ තිබෙන උසම ගිනිකන්ද සහ ලෝකයේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන ඉතාලියේ පිහිටි එට්නා ගිනි කන්ද යළි සක්‍රීය වී තිබේ.

ඉතාලියේ නැගෙනහිර වෙරළ තීරයේ පිහිටා ඇති ඉන් ඉකුත් සතියේ සිට වරින්වර නිකුත් වූ දුමාරය දැන් විශාල ප්‍රදේශයක් පුරා පැතිර පවතී. පැතිර යන දැඩි උණුසුම හා කළු පැහැති උණුසුම් වාතය හේතුවෙන් ඉතාලියේ ඉතා කාර්යබහුල ගුවන්තොටුපොළක් වූ සිසිලි ගුවන්තොටුපොළද තාවකාලිකව වසා දමා ඇත. අඩි සිය ගණනක් උසට පැතිරී ඇති ඝන දුමාරය හේතුවෙන් ඒ ප්‍රදේශය හරහා ගුවන් ගමන්ද තාවකාලිකව නවතා දමා තිබේ.

ඉතාලි යුද හමුදාව හා සහන සේවක කණ්ඩායම් ලාවා ගලායාමට සුදුසු පරිදි අගල් කැපීමේ නිරතව සිටින අතර දැනටමත් පදිංචිකරුවන් ඉවත්කර අවසන්ය. එබැවින් ඒ ආසන්නයේ පිහිටා ඇති කැටනියා ගුවන් තොටුපළද තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.

එට්නා ගිනිකන්ද වාර්ෂිකව කිහිපවතාවක් සක්‍රීය වේ. එය දැවැන්ත ඉතිහාසයකටද උරුමකම් කියයි. එහි ප්‍රථම විදාරණය වීම වාර්තා වී ඇත්තේ ක්‍රිස්තු පූර්ව 475 දීය. මෙම විදාරණය වීමේ ප්‍රතිඵලයක් ලෙසට දහස් ගණනක් ජීවිතක්ෂයට පත්ව ඇත. 1169 දී සිදු වූ තවත් විදාරණය වීමකින් පුද්ගලයන් 20,000 ක් පමණ ජීවිතක්ෂයට පත්වුණි. මේ අතර අවසන් වරට එහි දැවැන්ත විදාරණයක් සිදුව ඇත්තේ 1992 වර්ෂයේදීය.

විසූවියස් ගිනි කන්දට පමණක් දෙවැනි වන එට්නා සිසිලි දූපතේ කටානියා පළාතේ කටානියා හා මෙසී යන නගර දෙකට මැදිව පිහිටා ඇත. මුහුදු මට්ටමේ සිට අඩි 10,922ක් උසැති මෙය අප්‍රිකා භූතැටිය හා යුරෝ - ඒසියා භූ තැටිය එකිනෙකට හමුවන මායිමේ  පිහිටා තිබේ.

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:05