2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා

පාර්ලිමේන්තුව වටා ඉන්දීය ගොවීන්ගේ ට්‍රැක්ටර් වැටක්!

 2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 22

තම ඉල්ලීම් ඉටු නොවන්නේ නම් කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිතා කරන ට්‍රැක්ටර් මිලියන 04 කින් පැමිණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වටලන බවට ඉන්දියාවේ ගොවි සංවිධාන අනතුරු හඟවා ඇත. රාජස්ථාන් ප්‍රාන්තයේ පැවති ගොවි රුස්වීමකදී ඔවුන්  මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබේ.

කෘෂිකර්මාන්තයට බලපාන ආසාධාරණ නීති වෙනස් කරන්නැයි බල කරමින් ඉන්දියානු ගොවි සංවිධාන ආරම්භ කර ඇති විරෝධතා  මේවනවිට තවදුරටත් උත්සන්න වී තිබේ. මේ ඇදී යන්නේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ආරම්භ වූ විරෝධතාවන්ය.

පසුගිය ජනවාරි 26 වැනිදාට යෙදුණු ඉන්දීය ජනරජ දිනයේදී විරෝධතාකරුවන් නවදිල්ලි අගනුවර රතු බලකොටුව ආක්‍රමණය කරමින්ද උද්ඝෝෂණ පැවැත්වූහ. දැන් ගොවි සංවිධානවලට වෙනත් සංවිධානවලද සහයෝගය ලැබී තිබේ. එල්ල වූ විරෝධය හමුවේ, හඳුන්වා දී තිබූ පනත් තුනක් ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති අතර කෙසේ නමුත් විරෝධතාකරැවන් ඉන් සෑහීමකට පත්ව නොමැත. ඔවුන් පවසන්නේ එම පනත් සම්පූර්ණයෙන්ම අහෝසි කළයුතු බවයි.