2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා

කිම් ජොන් අන්ගේ බිරිඳ උපන් දින සමුරු සාදයක!

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 178

උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන් අන් ගේ බිරිඳ වන රි සොල් ජු වසරකට පසු ප්‍රසිද්ධියේ පෙනී සිට ඇත. ඒ සිය මාමණ්ඩිය වන අභාවප්‍රාප්ත කිම් ජොන් ඉල් ගේ උපන් දින සමරැ සාදයකට සහභාගී වෙමිනි.

පසුගිය වසරේ ජනවාරි මාසයෙන් පසු ඇය ප්‍රසිද්ධියේ පෙනී සිටියේ නැත. දකුණු කොරියානු බුද්ධි අංශ වාර්තා සඳහන් කළේ කොරෝනා අර්බුදයත් සමඟ ඇතිවූ කනස්සල්ල මත ඇය සිය දරුවන් සමඟ හුදෙකලාව කාලය ගත කරමින් සිට ඇති බවයි.
කෙසේ වෙතත් ඉකුත්දා පැවති උපන්දින සාදයේ දී ඇය සිය සැමියා වන කිම් ජොන් අන් සමඟ සතුටින් කාලය ගත කරන ආකාරය එරට මාධ්‍ය වාර්තා කර තිබුණි.