නේපාල ජාතික කඳු තරණය කරන්නන් පිරිසක් ලොව දෙවැනි උසම කන්ද තරණය කරමින් නව ලෝක වාර්තාවක් තැබීමට සමත් වී තිබේ.
නේපාල ජාතික කඳු තරණය කරන්නන් දස දෙනකුගෙන් යුතු කණ්ඩායමක් කේ ටූ නැමති මෙම අසීරෑ කන්ද තරණය කර ඇත. මේ වන විට ඔවුන් අඩි විසිඅට දහස් දෙසීය පනස් එකක් තරණය කර හමාරය. කේ ටූ කන්ද එවරස්ට් කන්දට වඩා මීටර් දෙසීයක් පමණ උසින් අඩුය. මෙම කඳු තරණය කිරීම ඉතාම දුෂ්කර කාර්යයක් වන අතර පසුගිය සතියේදී ස්පාඤ්ඤ ජාතික කඳු තරණය කරන්නෙක් ද ජීවිතක්ෂයට පත් විය.