2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා

රතු ග්‍රහයාට අමුත්තන් තිදෙනෙක්!

 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 84

අපේ රතු ග්‍රහයා අඟහරුට, මහ පොළොවේ සිට ආ අමුත්තන් තිදෙනකු පිළිගන්නට සිදුව තිබේ.
මහ පොළොවේ කලාප 03කින් ජාතීන් 03ක් නියෝජනය කරමින් අඟහරු වෙත යන යානා 03කින් 02ක් මේ වන විට අපේ රතු ග්‍රහයා අඟහරුගේ එළිපත්තට ළඟා වෙන්නට සමත්ව ඇත. දැන් පෙබරවාරියේ මුලින්ම ආරාබිකරය යැවූ “හෝප්”- Hope චන්ද්‍රිකාව අඟහරු වටා යාම අරඹා ඇති අතර, චීනයේ ටියෑන්වෙන් - 1 : Tianwen-1 මෙහෙයුම මාස 07ක් පුරා අභ්‍යවකාශය හරහා ගමන් කිරීමෙන් පසු අඟහරු වෙත සාර්ථකව ළඟා විය. ටියෑන්වෙන් -1 අභ්‍යවකාශ යානය මැයි හෝ ජූනි මාසවලදී අඟහරු පෘෂ්ඨය වෙත ගොඩ බසිනු ඇත.‍

නාසා ආයතනය යැවූ “ප්‍රිසෙවරන්ස්”- Perseverance ත්‍රිත්ව මෙහෙයුම්යානය පෙබරවාරි අග වන විට එහි ගොඩබැස වැඩ අරඹන්නට නියමිතය.


මෙයින් චීන මෙහෙයුම සහ නාසා යානය අඟහරැ මත පැරුණි සහ වත්මන් ජීවයේ සලකුණු ගැන සොයමින් රතු ග්‍රහයාගේ භුමිය ගැන අධ්‍යයනය කරද්දී, ආරාබි යානය අඟහරැගේ වායුගෝලය ගැන තදබල සමීප අධ්‍යයනයක යෙදෙන්නට නියමිතය.

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:05