
කැලිෆෝනියාවේ මීළඟ ආණ්ඩුකාර ධුරයට ශ්‍රී ලාංකික ප්‍රකෝටිපතියකුද ඉදිරිපත් වීමට නියමිතය. ඔහු ශ්‍රී ලංකාවේ ඉපිද ඇති චමත් පලිහපිටියයි. Social Capital නම් ව්‍යාපාර ප්‍රාග්ධන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ, වන කෝටිපති ව්‍යාපාරික චමත් පලිහපිටිය මේ වනවිට කැනඩාවේ සහ අමෙරිකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු ලෙස ප්‍රකටය. එසේම චමත් පලිහපිටිය ලොව ප්‍රමුඛ තොරතුරු තාක්ෂණ ව්‍යාපාර සඳහා වූ අමෙරිකාවේ සිලිකන් වැලිහි ශ්‍රී ලංකා තානාපතිවරයාය.
මේ වනවිට ජාත්‍යන්තර තොරතුරු හා තාක්ෂණ සහ ව්‍යාපාර ලෝකයේ කැපී පෙනෙන චරිතයක් වන චමත් සිය ඔටාවාහි නිවසේ මැද සාලයේ මෙට්ටයක් මත රැය පහන් කරන අතර Forbes සඟරාවෙන් පළකරන ලොව ධනවත්ම 400 දෙනාගේ ලැයිස්තුව දෙස නිතර බලමින් තම නමද එම ලැයිස්තුවට ගෙන යාමට සිහින දකිමින් කාලය ගත කළ බවද කියැවේ. ඔහු ඉතා කෙටි කලකින්ම ඒ සිහිනය සැබෑ කරගන්නටද සමත් වී තිබේ.
අන්තර්ජාතික ඩිජිටල් මාධ්‍ය හා තාක්ෂණික සමාගමක් වන AOLහි ලාබාලම උප සභාපතිවරයෙක් ලෙස චමත්, පත්වූයේ වයස 26දීය. පසුව ෆේස්බුක් සමාජ ජාලයේ විශාල වර්ධනයක් ඇතිවූ යුගයේ මාර්ක් සකර්බර්ග් සමඟ එක්ව එහි විධායක නිලධාරී ධුරයකද කටයුතු කළේය. ඉනික්බිති ඔහු සෝෂල් කැපිටල් (Social Capital) නමින් ව්‍යාපාර ප්‍රාග්ධන (Venture Capital) අරමුදලක් ආරම්භ කර ඇත.
චමත්ගේ පවුල එක්දහස් නමසිය අසූව දශකයේ මුල් භාගයේ ශ්‍රී ලංකාවේ සිට කැනඩාවට යනවිට ඔහුට වයස අවුරුදු 5ක් පමණ විය. ඔටාවාහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධරයෙකු ලෙස සේවය කළ චමත්ගේ පියා ගමගේ, 1986 දී නැවතත් ලංකාවට යාමට කාලය එළඹුණුවිට සරණාගත තත්ත්වය යටතේ අයැදුම් කර අඛණ්ඩව කැනඩාවෙහිම රැඳී සිටින්නට තීරණය කර ඇත. පසුව ඔටාවාහි ස්ථිර පදිංචිය ආරම්භ කරන පලිහපිටිය පවුල මුල් යුගයේ මහත් දුෂ්කරතා මැද දිවිගෙවූ බව වාර්තාවේ. චමත්ගේ මව ගෘහ පාලිකාවක සහ පසුව හෙද උපදේශිකාවක ලෙස සේවය කර ඇති අතර පියා ලිපිකාර රුකියා කිහිපයකම නිරත වුණත් බොහෝවිට රුකියා විරහිතව කල් ගෙවූ බව වාර්තා වේ. දරැවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක එකම පිරිමි දරැවා වූයේ චමත්ය.
සිය ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසු කැනඩාවේ උසස්ම පර්ෙය්ෂණ විශ්වවිද්‍යාලයක් වූ වෝටර්ලූ විශ්වවිද්‍යාලයෙන් විදුලි ඉංජිනේරැ විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා පිටවන චමත් එකළ ඔහුගේ සිහිනය වූ වෙළඳ රුකියාවක් සඳහා BMO Nesbitt Burns සමාගම හා සම්බන්ධ විය. පසුව AOL, Mayfield Fund වැනි සමාගම් කිහිපයකටම එක්වී සාර්ථක ලෙස වසර කිහිපයක් රුකියාව කළ චමත් ඔහුට වයස 26දී AOL හි ලාබාලතම උප සභාපතිවරයා ලෙස උසස් වෙයි. 2007 වසරේදී මාර්ක් සකර්බර්ග්ගේ යෝජනාවකට අනුව ෆේස්බුක් කණ්ඩායමට එක්වීමයි. මේ කාලය තුළ ෆේස්බුක්හි විධායක තනතුරක් හෙබවූ චමත් අළෙවි, සන්නිවේදන, පාරිභෝගික සේවා සහ වෙළඳ ප්‍රචාරණ වැනි අංශ ගණනාවක් මෙහෙයවා ඇත. ෆේස්බුක් කණ්ඩායමේ සිටින කාලය අතරතුරම චමත් විවිධ ආයෝජනවලට උනන්දුවක් දැක්වූ අතර වසර 2011දී ඔහු ෆේස්බුක් විධායක තනතුරෙන් ඉවත්වී “සෝෂල් කැපිටල් පාට්නර්ශිප්” නමින් ව්‍යාපාර ප්‍රාග්ධන සමාගමක් ආරම්භ කර ඇත. එමගින් සිව් මසක් වැනි කෙටි කාලයක් තුළ අමෙරිකානු ඩොලර් මිලියන 300 ට ආසන්න මුදලක් රුස් කිරීමට සමත් වන චමත්ගේ නව සමාගම, තම ආයෝජන බොහෝදුරට සෞඛය, අධ්‍යාපන සහ මූල්‍ය සේවා යන අංශවලට සීමාකර තිබේ.
2011 වසරේදී චමත් තම කුඩා කළ සිට දුටු සිහිනයක් සැබෑ කරගනිමින්, ඇමෙරිකාවේ වෘත්තීය පැසිපන්දු කණ්ඩායමක් වන Golden State Warriors හි සම අයිතිය අත්පත් කර ගැනීමට සමත් විය. පෝකර් ක්‍රීඩා කිරීමට කැමැත්තක් දක්වන බව පැවසෙන චමත්, සිලිකන් වැලිහි ජනප්‍රියතම පෝකර් තරඟය ඔහුගේ නිවසේ පවත්වයි. ධනවත් සහ නමගිය පුද්ගලයින් කිහිපදෙනෙකුම මේ තරඟවලට නිරන්තරයෙන් සහභාගී වෙති. 2015 වසරේ අග භාගයේදී එළිදැක්වූ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ පහකට අධික සුපිරි විදුලි කාරයක් වන Renovo Coupe රථයක්ද ඔහු සතුය. මේ වනවිට ඔහුගේ වාර්තාගත මුළු වටිනාකම ඩොලර් බිලියන එකකට ආසන්න බව කියැවේ.
සංස්කරණය:
සුගත් පී. කුලතුංගආරච්චි