
ලෝකයේ ලොකුම අධිවේගී දුම්රිය මාර්ගය ඇත්තේ චීනයේය. එම මාර්ගයේ කොටසක පසුගියදා අමුතු දුම්රියක ආකෘතියක් එළිදැක්විණ. චීනයේ සිචුආන් පළාතේ චෙන්ගු නගරයේදී ප්‍රදර්ශනය කළ මෙම අධිවේගී දුම්රිය මැග්ලෙව් ලෙස නම් කර ඇත.
මීටර් 21ක් දිගැති එහි මුල් ආකෘතිය ගමන් කර පෙන්වීමට මීටර් 165ක් පමණ දිග දුම්රිය මාර්ගයක් පර්යේෂකයන් නිමවා තිබිණ. වසර තුනක් හෝ හතරක් තුළ භාවිතයට ගත හැකි බවට විශ්වාස කරන මේ දුම්රිය පැයට කිලෝමීටර 620ක අධික වේගයෙන් ගමන් කළ හැකි එකකි.