2021 ජනවාරි 23 වන සෙනසුරාදා

ධවල මන්දිරයේ අන්තිම මඟුල

 2021 ජනවාරි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 215

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත් විසි වැනිදා ධවල මන්දිරයෙන් නික්ම ගියේය. අමෙරිකානු ඉතිහාසයේ මහභේදාත්මකම ජනාධිපතිවරයකු වන ට්‍රම්ප් ධවල මන්දිරයේ රතු පලස මතින් ඇවිද යන්නට පෙර එහිදී සිය බාල දියණියගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය ද පැවැත්වූයේය.

විසි හත් හැවිරිදි ටිෆනි අරියානා ට්‍රම්ප් නැමැති ට්‍රම්ප්ගේ දෙවැනි විවාහයේ එකම දරුවා වන මෙම දියණිය නීති උපාධිධාරිණියකි. ඇය සමඟ විවාහ ගිවිසගෙන ඇති නයිජීරියානු සමාගම් සමූහයක හිමිකරු වන විසි තුන් හැවිරිදි මයිකල් බුලොස් විවාහ යෝජනාව ඉදිරිපත් කර තිබුණේද ධවල මන්දිරයේදීමය.